Homeදේශීයකොළඹ පුරපතිකමට සජබෙන් නම් තුනක්

කොළඹ පුරපතිකමට සජබෙන් නම් තුනක්

කොළඹ මහනගර සභාවේ සමගි ජන බලවේගයේ පුරපති අපේක්ෂකයා ලෙස නම් කිහිපයක් යෝජනා වී ඇති බව වාර්තා වනවා.

එම මහනගර සභාවේ හිටපු පුරපතිවරයෙකු වන ඔමාර් කාමිල් මහතාගේ නමද ඒ අතරට අයත්.

ඊට අමතරව හිටපු අමාත්‍ය එම් එච් මොහොමඩ් මහතාගේ මුණුපුරෙකු වන වෛද්‍ය හනීෆාගේ නම ද ඒ සඳහා යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ඉරාන් වික්‍රමරත්න කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට මීට පෙර යෝජනාවක් ඉදිරිපත්ව තිබුණා.

කෙසේවෙතත් ඉරාන් වික්‍රමරත්න මහතා ඊට කැමැත්ත පළ කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments