Homeදේශීයඉන්දු - ජපන් රොකට් ව්‍යාපෘතියක් හම්බන්තොටට එන හැඩක්

ඉන්දු – ජපන් රොකට් ව්‍යාපෘතියක් හම්බන්තොටට එන හැඩක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7ක් වැය කොට රොකට් ගුවන්ගත කිරීමේ පථයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව සහ ජපානය සලකා බලමින් සිටින බවට වාර්තා වේ.

මෙම ව්‍යාපෘති සාර්ථක වුවහොත් ලාංකිකයන් 4,000කට පමණ නව රැකියා අවස්ථා ලැබෙනු ඇතැයි ද ජපානය මෙම ව්‍යපෘතිය සඳහා කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.

මීට අදාළ සුදුසුකම් සොයා බැලීම සඳහා ජපන් නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අනුව, ජපාන රජයට අනුබද්ධ ‘ඇස්ට්‍රො ලැබ්’ නමැති අභ්‍යවකාශ රොකට් දියත් කිරීම් ආයතනය මෙම ව්‍යාපෘතිය මෙරට තුළ පිහිටුවීමට සැලසුම් කර ඇත.

එසේ ම, ඉන්දියාවත් හම්බන්තොට තුළ එවැනි ව්‍යාපෘති සඳහා සලකා බලමින් සිටින බවත් වාර්තා වේ.

ගුවන් අභ්‍යවකාශ පථ ඉදි කිරීම මගින් මෙරටට ලැබෙන ආර්ථික වාසිය ඩොලර් බිලියන ගණනක් බව ද අනාවරණය වේ.

හම්බන්තොට, කිරින්ද සහ යාල ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අඩු නිසාද මුහුදට ආසන්නව පිහිටා ඇති නිසා ද මෙම ප්‍රදේශවල අභ්‍යවකාශය වෙනුවෙන් ආයෝජන කිරීමට එම රටවල් යොමු වී ඇත.

වෙනත් රටවලට සාපේක්ෂව හම්බන්තොට ගුරුත්වාකර්ෂණය අඩු නිසා මෙම ප්‍රදේශවල මෙහෙයුම් කිරීම යෝග්‍ය බවට විශේෂඥයෝ මත පළ කරති.

මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය මෙම ව්‍යාපෘති සඳහා සැපයුම්වලට යොදා ගැනීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments